2025 වර්ෂයේ ලෝක ජනාවාස සතිය අදින් ඇරඹේ. එහි සමාරම්භය සනිටුහන් කරමින් පොළොන්නරුව දිස්ත්‍රික් කාර්යාලය මගින් රුක් රෝපණ වැඩසටහනක් සහ ශ්‍රමදාන වැඩසටහනක් අද (ඔක්තෝබර් 01) පෙරවරුවේදී පැවැත්වුණේ

2025 වර්ෂයේ ලෝක ජනාවාස සතිය අදින් ඇරඹේ. එහි සමාරම්භය සනිටුහන්  කරමින් පොළොන්නරුව දිස්ත්‍රික් කාර්යාලය මගින් රුක් රෝපණ වැඩසටහනක් සහ ශ්‍රමදාන වැඩසටහනක් අද (ඔක්තෝබර් 01) පෙරවරුවේදී පැවැත්වුණේ නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතාගේ ප්‍රධානත්වයෙනි. ඒ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පොළොන්නරුව දිස්ත්‍රික් කාර්යාල පරිශ්‍රයේදීයි. මෙම සමාරම්භක උත්සවය සංවිධානය කර තිබුණේ පොළොන්නරුව දිස්ත්‍රික් කලමනාකරු ඇතුළු නිළධාරීන් විසිනි. මෙම අවස්ථාව සඳහා හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති  එම්.ජි ජයතිලක මහතා ඇතුළු මහජන නියෝජිතයන් පිරිසක් සහභාගී වූහ.

 

"තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්" තේමාවෙන් මෙවර සැමරෙන්නේ 39 වන ලෝක ජනාවාස දිනයයි. ඒ වෙනුවෙන් අද සිට ලබන 06 වැනි දා දක්වා දීපව්‍යාප්තව වැඩසටහන් ගණනාවක් ක්‍රියාවට නැංවෙන අතර එහි ජාතික උත්සවය අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැවැත්වීමට නියමිතයි.

 

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.