තමන්ගෙම තැනක් ලස්සන ජීවිතයක්" නිවාස ආධාර

තමන්ගෙම තැනක් ලස්සන ජීවිතයක්" නිවාස ආධාර වැඩසටහන යටතේ තවත් නිවාස දෙකක් විවෘත කිරීම අද (20) දින මාතර දිස්ත්‍රික්කයේදී සිදු කෙරුණි.එලෙස විවෘත කරනු ලැබුවේ මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අකුරුගොඩ උතුර ග්‍රාම නිලධාරී වසමේ ඒ.බී. සිදත් එරංග සහ එම වසමේම පදිංචි බි.ප්‍රාර්ථනා සෙව්වන්දි යන මහත්ම මහත්මීන්ගේ නිවාසයි.මෙම නිවසක් ඉදිකර ගැනීම සඳහා එක් ප්‍රතිලාභියකුට රුපියල් ලක්ෂ 10ක ආධාර මුදලක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ලබා දේ.

මෙම නිවාස වැඩසටහන වත්මන් රජයේ නිවාස වැඩපිළිවෙල යටතේ ක්‍රියාත්මකය.මෙම අවස්ථාවට මාලිම්බඩ ප්‍රාදේශීය සභාවේ  සභාපති, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මාතර දිස්ත්‍රික් කලමණාකරු ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.